තව දින දෙකයි.. ශිරන්ති නැවතත් ලංකාවට.?

LIVE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හැම අවස්තාවකම පරීක්ෂණ වලට සහභාගී වෙලා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට සහයෝගය ලබාදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

සාගර කාරියවසම් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ,

ශිරන්ති රාජපක්ෂ මහත්මියට යම්කිසි පරීක්ෂණයකට එන්න කියලා කටවුත්තරයක් දෙන්න කියලා දැනුම්දීලා තියෙන අවස්තාවක එතුමිය විදේශගත වුණා නම්, ඔබ කියන කාරණය සම්බන්ධයෙන් කිසියම් හෝ සත්‍යතාවයක් ජනතාවට හිතන්න තිබුණා.

හැබැයි එතුමිය ලංකාවෙන් එළියට යනකම් ඉදලා එතුමිය පරීක්ෂණ මගහරින්න ගියා කියලා කියන කාරණයම මම හිතන්නේ හාස්‍යජනකයි. ඒ කියපු හැම අවස්තාවකම එතුමිය ඒ සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ වලට සහභාගී වෙලා, ඒ අවශ්‍ය සහයෝගය නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ලබාදුන්නා.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පසුගිය (16) වනදා දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඒ ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රථිකාර කිරීමට සහ විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත පිටත්ව ගියේය.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂ පසුගිය (19) වනදා පරීක්ෂණ කටයුතු සිදුකර නැවත දිවයිනට පැමිණෙන බව සඳහන් කළද, අද දිනය වනවිටත් ඇය දිවයිනට පැමිණ නැත.

කෙසේ වෙතත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ලබන (24) වනදා පෙනී සිටින ලෙසට ශිරන්ති රාජපක්ෂට මේ වනවිට දැනුම් දී ඇත.

ශිරන්ති රාජපක්ෂ ලබන (24) වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීම සඳහා දිවයිනට පැමිණෙයිද.?

0 Comments
Most Voted
Newest Oldest