LIVE
අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් (පරිපාලන) සිවු දෙනෙකු ඇතුළු උසස් නිලධාරීහු 18 දෙනෙක් එහි වෙනත් අංශ වලට මාරු කර ඇත.
පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් මෙම ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ අංශ රැසක නිලධාරීන් විශාල පිරිසක් එකවර මාරු කෙරුණු මෑතභාගයේ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

