රනිල් සහ නාමල් අධිකරණයට

LIVE

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම තුළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුකරයට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (30) යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest