ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කරයි

LIVE

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට අද ⁣(30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක යන දෙදෙනා එම සැකකාරියට අධිකරණයේ ඇප තබා තිබුණ අතර එම ඇප මුදල් රාජ සන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

ඒ අනුව අද දින මිලියන 20ක මුදලක් අධිකරණයට ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දන්වා සිටියේය.

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අද දින මිලියන 20ක මුදල අධිකරණයට ⁣බාර දෙන ලෙසත් ඉතිරි මිලියන 20ක ඇපය ඔක්තෝබර් (17) වන දින ගෙවන ලෙසත් නියෝග කළේය.

මේ වනවිට එයාර් බස් ගනුදෙනුවට අදාලව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රියංකා නියෝමාලි අධිකරණය මග හරිමින් සිටින අතර එනිසා වරෙන්තු නිකුත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest