ගෝඨාගේ අවසන් තුරුම්පුව අසාර්ථකයි.. අධිකරණයෙන් නියෝග

LIVE

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

අදාළ පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (01) දින මෙම නියෝගය නිකුත් කළේය. 

0 Comments
Most Voted
Newest Oldest