SDIG රන්මල් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් ගැන ගත් තීරණය

LIVE

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර ඇත.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පිරිසකගේ ස්ථාන මාරුවීම් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත අදාළ ඉල්ලීම සිදුකර ඇති අතර අනතුරුව අද (01) පැවති පොලිස් කොමිසමේදී මෙම තීරණය ගෙන ඇත. 

0 Comments
Most Voted
Newest Oldest