LIVE
සෞදි අරාබිය ආශ්රිතව පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්රී ලංකන් ගුවන් සේවය තීරණයක් ගෙන ඇත.
ඒ අනුව කටුනායක සහ සෞදි අරාබියේ දම්මාම් අතර ක්රියාත්මක ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ලබන (18) වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්රමුඛත්වය ලබාදෙන බවත් පවතින තත්ත්වය වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.
සෞදි අරාබිය ආශ්රිතව පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ශ්රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

