LIVE
මේ වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
භූ දේශපාලනික ආතතීන්, උද්ධමන පීඩනය, බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්‍ය තත්ත්වයන් වඩාත් දැඩි වීම වැනි අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් යටතේ ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇත.
එහෙත්, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හමුවේ දේශීය ආර්ථිකයට අඛණ්ඩව බලපෑම් හා අවදානම් ඇති කරමින් පවතින බව, නවතම මූල්‍ය ස්ථාවරතා සමාලෝචන වාර්තාව එළි දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.
අඛණ්ඩව සිදුවන ආර්ථික ප්‍රකෘතිමත් වීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වීම සහ බැංකු හා මූල්‍ය සමාගම් ප්‍රමාණවත් ප්‍රාග්ධන හා මුදල් සංචිත පවත්වාගෙන යාම, මූල්‍ය ස්ථාවරත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

