යෝෂිත සහ වසන්තට එරෙහි නඩුවට දුන් නියෝගය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (13) දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, දැනට ඇප මත පසුවන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන (29) වනදා යළි කැඳවීමටත් එදිනට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

2006 සැප්තැම්බර් (01) වනදා සහ 2007 ජූනි (08) වනදා අතර කාලසීමාව තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂට අයුතුසහගත ලෙස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ (Royal Navy Young Officers Course) පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසාදී රජයට පාඩුවක් සිදුකළ බවට හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest