කජ්ජාගේ පුත්‍රයා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී, නිවසක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් (Bolt-action) වර්ගයේ බෝර 12 ගිනි අවියක් සමඟ මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිද්දෙණිය පොලිස් වසමේදී දරුවන් දෙදෙනෙකු සමඟ වෙඩි තබා ඝාතනය කෙරුණු විදානගමගේ අරුණ ප්‍රියන්ත හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest