හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා සිදුකළ ප්රකාශය පණ්ඩිත ප්රකාශයක් බව, සමගි ජන බලවේගයේ හවුල්කාර පාර්ශවයක් වන දෙමළ ප්රගතශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් සඳහන් කරයි.
මන්ත්රී මනෝ ගනේෂන් සඳහන් කළේ,
“ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්රකාශය පණ්ඩිත ප්රකාශයක්. ඔහු සුළු ජාතියක් සහ මහ ජාතියක් ලෙස හඳුන්වලා කථා කළා. මේ වගේ ප්රකාශ දැන් යල් පැනගිය ප්රකාශ. ජනාධිපතිවරයා කමිටුවක් පත්කරලා සති දෙකෙන් විසඳුමක් දෙනව කියල තියෙනවා.
ඒක ආණ්ඩුවයි ඒ ඒ නිකායන් ඇතුළත් පාර්ශවයන් බලා ගනියි. මේක මුල්කරගෙන දෙමළ කතාකරන ජනතාව මේවට සම්බන්ධ කරලා පොදු ස්ථානවල කතාකරන්න එපා කියලා මම වගකීමෙන් ඉල්ලනවා. අන්තිමට මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා. මම මගේ අත්දැකීමෙන් දන්නවා.”

