අසත්ය හා තහවුරු නොකරන ලද සමාජ මාධ්ය පළ කිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
පරිඝනක අපරාධ පනත හා ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ මෙවැනි වරදකරුවන්ට නීතිමය ක්රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සිදු කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුඩ්ලර් සඳහන් කරයි.
මෙවැනි අසත්ය හා තහවුරු නොකළ ප්රචාර වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුඩ්ලර් ජනතාවට දැනුම් දෙයි.

