මේ වනවිට ඇතිව තිබෙන සැපයුම් බාධාවන් කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගෙන ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
ඊයේ (16) දින ගෑස් සැපයුම සඳහා අවශ්ය මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් GAS GOODWILL නෞකාවේ ගොඩබෑමේ කටයුතු සිදුකර ඇත.
ඉදිරි දින කිහිපය තුළ දෛනික අවශ්යතාවයට වඩා වැඩි ප්රමාණයක් වන කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 100,000ත් අතර ප්රමාණයක් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
ඒ අනුව ගෑස් පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බවද ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
තවද මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව එළැඹෙන (18) වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බවද ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
මෙම සැපයුම් තොග ලැබීමත් සමග රට තුළ ගෑස් සැපයුම තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳපොළට සාමාන්ය පරිදි ගෑස් බෙදා හැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවද ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
