ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ විජේගේ මිතුරා අත්අඩංගුවට

මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමට සැලසුම් කළ, තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු එරට බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙටම්පෙටමින් (Methamphetamine) නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති අතර TVK පක්ෂ ක්‍රියාකරු තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපතිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකුවන එන්. භූපාලන් නම් 42 හැවිරිදි පුද්ලගයෙක් එම පිරිස අතර සිටී.

නාගපතිනම් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද රහසිගත තොරතුරක් මත, ඉන්දීය ආරක්ෂක අංශ ඊයේ (16) දින එක් සැකකරුවෙකුගේ නිවසක් වටලා පරීක්ෂා කර ඇත.

එහිදී ලද තොරතුරු මත මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන භූපාලන්ගේ නිවස තවත් නිලධාරී කණ්ඩායමක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

භූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලංකිකයෙකු වීම මෙම ජාවාරම සඳහා උපකාරී වන්නට ඇති බව නිලධාරීන් සැකපළ කරයි.

0 Comments
Most Voted
Newest Oldest