විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට 

විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.

සම්ප්‍රේෂණ පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් අද (17) උදෑසන 11.45ට පමණ දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් වාර්තා වු අතර අද රාත්‍රී 09.56 වනවිට විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත.

ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ ඇති වූ දෝෂයක් දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයි සැක කරයි.

කෙසේ වෙතත් විදුලි බිඳවැටීමට හේතුව තවමත් අනාවරණ කරගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest