නොරොච්චෝල විදුලි ජනන යන්ත්‍ර තුනම නවතී

දිවයින පුරාම හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන යන්ත්‍ර තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

ජාතික විදුලිබල පද්ධතියේ හටගත් හදිසි කාර්මික දෝෂය සහ පද්ධතියේ සංඛ්‍යාතය  එකවර කඩා වැටීම හේතුවෙන්, ස්වයංක්‍රීය ආරක්ෂක පියවරක් ලෙස බලාගාරයේ ක්‍රියාකාරීත්වය මෙලෙස එකවර ඇණහිට ඇත.

මෙම හදිසි අක්‍රිය වීමත් සමඟ නොරොච්චෝල බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට සපයනු ලබන සමස්ත ධාරිතාවම පද්ධතියට අහිමි වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest