නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ ගල්කිස්සේ පිහිටි නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක්කර ඇත.

ඊයේ (16) රාත්‍රී 10.30ට පමණ ආරම්භ වූ මෙම සෝදිසි කිරීම අද (17) දින අලුයම 4.30 පමණ වන තෙක් පැය 6කට ආසන්න කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

අල්ලස් කොමිසම සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සම්පූර්ණ නිවසම සෝදිසියට ලක්කර එම නිවසේ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම හදිසි පරීක්ෂාව සිදුකිරීමට නිශ්චිත හේතුව හෝ ඒ සම්බන්ධ නිල තොරතුරු අදාළ විමර්ශන අංශ විසින් මෙතෙක් හෙළිකර නොමැත.

0 Comments
Most Voted
Newest Oldest