අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිය ක්රියාත්මක කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් 5200කට ආසන්න පිරිසකට එරෙහිව නීතිය ක්රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වනවිට බොහෝ පිරිසක් ආසන පටි නීතියට අනුගතවී ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
