ශ්රී ලංකන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරන වංචනික ක්රියාකාරකම් වලට හසු නොවන ලෙස එම ගුවන් සේවය මහජනතාවට දැනුම් දෙයි.
ගුවන් සේවයේ නාමයෙන් පෙනී සිටින ව්යාජ ජංගම යෙදුම් සහ සමාජ මාධ්ය ගිණුම් හරහා සිදුවිය හැකි මූල්ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද එම ගුවන් සේවය සඳහන් කරයි.
WhatsApp ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ පළ කෙරෙන සැක සහිත දැන්වීම් සහ පණිවිඩවල සඳහන් සබැඳි හරහා ගෙවීම් සිදුකිරීමෙන් වළකින ලෙසද එම ගුවන් සේවය අවධාරණය කරයි.
තවද OTP අංක, බැංකු කාඩ්පත්වල PIN අංක සහ අනෙකුත් රහස්ය තොරතුරු කිසිදු පුද්ගලයෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙසද එම ගුවන් සේවය සඳහන් කරයි.

