මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලැස්මක්

පැහැදිළිවම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් යානයක යනවිට ඝාතනය කිරීම සඳහා සැලැස්මක් තිබුණු බවට එල්ටීටීඊ ත්‍රස්තවාදියෙක් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මේ පහුගිය කාලසීමාව තුළ එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් හයිකෝට් එකේ අධිචෝදනා 725/2019 නඩුවේ එල්ටීටීඊ ත්‍රස්තවාදියා මොකක්ද කියන්නේ.

ඒ කාලේ පැහැදිළිවම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයක යනකොට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් එක්ක හෝ ඝාතනය කරන්න සැලැස්මක් තිබ්බා කියලා කියනවා.

ඒක කියනකොට ඉතින් ඔයාලට හිනා. මොකද ඔයාලට චුන් ඒක වුණා නම්. ඒක වෙනකම් නේ බලාගෙන හිටියේ. ඒක වෙනකම් බලන් ඉදලා තියෙන්නේ. ඒකට විරුද්ධව යම් ප්‍රකාශයක්, හඩක් නගපු ඥනසාර හාමුදුරුවරුන්ට ජනාධිපති සමාව දුන්නාම.

දැන් ජනාධිපති සමාව දීම පිළිබඳව ඔබ තමුන්නාන්සේලා නිර්වචනය කරනවා. කලින් ජනාධිපතිවරයා වරද්දලා දීලා තියෙනවා නම් දැන් හදන්න පුළුවන් නේ. ඇයි හදන්න බැරි.“

0 Comments
Most Voted
Newest Oldest