දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ තරගකාරී පසුබිමක් සහතික කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, මගී මෝටර් රථ සඳහා භාවිත කරනු ලබන ටයර් සහ ත්රිරෝද මෝටර් රථ සඳහා වන වායු පිරවූ ටයර් යන ආනයනික ටයර් වර්ග සඳහා ආනයන පරීක්ෂණ ක්රමවේදය එනම්, ශ්රී ලංකා ප්රමිති නියම කිරීමට කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
එම නිර්දේශය සැලකිල්ලට ගෙන, මගී මෝටර් රථ ටයර් (HS කේතය 4011.10.90) ආනයන සඳහා ශ්රී ලංකා ප්රමිති 1212 සහ ත්රිරෝද මෝටර් රථ සඳහා වන වායු පිරවූ ටයර් (HS කේතය 4011.90.10) ආනයනය සඳහා ශ්රී ලංකා ප්රමිති 1347 නියම කරමින්, අංක 2508/27 දරන 2026-10-01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් දැනට බලාත්මක රෙගුලාසි සංශෝධනය කිරීම පිණිස ‘2026 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි’ පනවනු ලැබ තිබේ.
ඒ අනුව, එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
