ඉරානය විසින් හෝමූස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් එය විවෘත නොකරන බව ඉරානය අවධාරණය කර ඇත.
ඒ අනුව අමෙරිකාව එම කොන්දේසි පිළිගන්නා තෙක් හෝමූස් විවෘත නොකරන බව ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
හෝමූස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පාකිස්තානය සහ කටාර් රාජ්යයන් හරහා පැවැත්වෙමින් ඇත.
