අධිකරණ නියෝග නිසි පරිදි ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව “අධිකරණයට අපහාස කිරීමේ” චෝදනාව යටතේ නඩු පැවරීම සඳහා අදාළ නඩු ගොනුව වහාම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට ගම්පහ ප්රධාන මහේස්ත්රාත් බන්දුල ගුණරත්න නියෝග කර ඇත.
මත්ද්රව්ය නඩු දෙකකට අදාළව අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවත්, පොලිස්පතිවරයා උසාවිය නොමග යැවීමට උත්සාහ කරන බවක් පෙනී යන්නේ යැයි සඳහන් කරමින් මෙලෙස මෙම නඩු පැවරීමට තීරණය කර ඇත.
