රඛිත සහ චරිත්ගේ ඇප අවලංගුයි.? පෙත්සම් විභාගයට දින නියම කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාට මේ වනවිට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.

අල්ලස් කොමිසම ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර ඉදිරියේ අද (30) දින කැඳවනු ලැබීය.

එහිදී රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගය සඳහා ලබන පෙබරවාරි මස (09) වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

අදාළ නඩුකර සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස (14) වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ විනිසුරුවරයා එම විරෝධතා වලට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස (28) වැනිදාට පෙර ගොනු කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel