RMV එකට පැන්න වලාන කණ්ඩායම

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව සිදුවූ දූෂණ අක්‍රමිකතා සොයාබැලීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගනිමින් සිටියි.

දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන වංචා හා දූෂණ පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම මෙම විමර්ශනයේ අරමුණ වී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්‍රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් මේ සඳහා එක්වී සිටියි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel