සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා වෙනත් රටවල භාවිත කරන ක්‍රමවේදයක් වන ‘පච්ච’ මෙරටට අවශ්‍ය නොවේ නම්, එම විධිවිධානය පනතෙන් ඉවත් කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එම පනත සම්බන්ධයෙන් මතුව ඇති විවේචන හා යෝජනා පිළිබඳව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් ජනතාව මර්දනය කිරීමේ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ආගමික සමුළුවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තමයි අපි දීර්ඝ කාලයක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා යොදා ගත්තේ. පුද්ගලිකව ගත්තොත් අපි දිර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරුද්ධ වුණ අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් බැට කාපු අය.
ඒනිසා එවැනි නීතියක් අවශ්‍ය නැති බව පිළිගන්නවා. අපිට සංවිධාන්තම අපරාධ වැළක්වීම සඳහා නීතියක් අවශ්‍යයයි. දැන් අපි ඒ නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට විරුද්ධ කණ්ඩායම් දෙකක් ඉන්නවා සංවිධානාත්ම අපරාධකරුවන්ගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන.
තව කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ මානව හිමිකම් පිළිබඳ කතා කරන. අපි ඒ කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරන්න ලෑස්තියි. මේකෙන් කිසිසේත්ම ජනතාව මර්ධනය කරන්න, ජනතා අයිතිවාසිකම් උල්ලඝනය කරන්න අවශ්‍යතාවයක් නෑ.
අපිට අවශ්‍ය සංවිධානත්මක අපරාධ මැඩ පැවැත්වීමට නීතියක්. ඒ නීතිය හදන එක තමයි අපේ වැඩේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත තියෙනවා. ඒක සාකච්ඡාවට බඳුන්වෙමින් තියෙනවා. ඒ පනතට විරුද්ධ අධිකරණයට ගියපු අය මූලික වශයෙන් කරුණ තුනක් මතුරකලා තියෙනවා.
එකක් රඳවාගැනීමේ කාලය. මේ පතන ඇතුළේ රඳවාගැනීමේ කාලය පැය 72යි. ඒක වැඩියි කියලා යෝජනාවක් තියෙනවා. අපි ඒක පැය 48 දක්වා සංශෝධනය කරන්න ලෑස්තියි. අපි සවන්දෙන්න ලෑස්ති. තව සංවාදයක් තියෙනවා පච්ච. සංවිධානාත්මක කණ්ඩායම් හඳුනාගන්න ක්‍රමවේදයක් ඒක. නමුත් ඒක අපේ රටේ නැතිනම් අපට ඒ නීතිය ඕනේ නෑ. අපි ඒක අයින් කරගන්නත් ලෑස්තියි.”
