2027 නව අයවැය ලේඛනය මගින් උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) සීමාව තවදුරටත් ඉහළ දැමීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ පෞද්ගලික අංශය බවත් එම අංශයේ සේවකයන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පෞද්ගලික ආයතන සහ ව්යාපාරික සංගම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
අද (07) දින කොළඹදී පැවැත්වෙන ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“පෞද්ගලික අංශය තමයි අපේ ආර්ථික විශාල දායකත්වය සපයන්නේ. අපි පෞද්ගලික ආයතනය ඒ තියෙන ව්යාපාරික සංගම් සමඟ සාකච්ඡා කළා. සාකච්ඡා කරලා අපි මූලික වැටුප වැඩි කළා.
හැබැයි මූලික වැටුප වැඩි කරාට ඒක දැනෙන මට්ටමක් නෙවෙයි. ඔවුන්ගේ අතිරේක දීමනා ගැන කල්පනා කරා. ඒ වගේම ඉහළ තළයේ අයට කැපෙනවා මොකක්ද, PAYE Tax එක. ඒක ලක්ෂ සීමාවේ ඉඳන් අපි ලක්ෂ එකහමාර දක්වා සීමාව වැඩි කරා.
මේ අයවැය ලේකනයේදී යම් ප්රමාණයක් සීමාව වැඩි කරන්න අපි අපේක්ෂා කරනවා. ඒ නේද යම් ප්රමාණයක් PAYE Tax එක සහනයක් ලැබෙන්නේ. එහෙනම් ඒ වගේ අපිට ඒගොල්ලෝ බලාගන්න පුළුවන්කම තියෙනවා නේද.?
ඒ විදිහට මම හිතනවා මේ අපේ රාජ්ය, අර්ධ රාජ්ය, වැවිලි, පෞද්ගලික අංශය මේ සියල්ල ආරක්ෂා කිරීමේ වගකීමක් අපේ ආණ්ඩුවට තියෙනවා.”
