වහාම ක්රියාත්මක වන පරිදි කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කර ඇත.
මාතර හා හම්බන්තොට දිසාභාර නියෝජ්යය පොලිස්පති චාමික වික්රමසිංහ විසින් මෙම පියවර ගෙන ඇත.
ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ලබන (20) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්රධාන මහේස්ත්රාත්වරයා පසුගිය (06) වනදා නියෝග කළේය.
මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වරුණි බෝගහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.
