බෙංගාල බොක්ක ආශ්‍රිතව නැවතත් කැලඹිලි තත්ත්වයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් (11) වැනිදා පමණ වන විට කැලඹිලි තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම තත්ත්වය නොවැම්බර් (13) වැනිදා පමණ වන විට අඩු පීඩන කලාපයක් බවටත්, ඉන් අනතුරුව නොවැම්බර් (15) වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් බවටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
