භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කඩිනම් විවාද දෙකක් ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යවා ඇත.
පසුගිය කාලසීමාව තුළ සම්බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව විවිධ ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ කාර්යබහුලත්වය හමුවේ මෙවැනි වැදගත් කරුණු යටපත් වීමේ අවදානමක් පවතින බවද එම ලිපියේ සඳහන් කර ඇත.
එනිසා අයවැයට ප්‍රථම හෝ ඒ අතරතුර මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුමය හා දේශපාලනික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩිව ඉල්ලා ඇත.

