ගම්පහ ඔස්මන්ට දුන් නියෝගය

සංවිධානාත්මක අපරාධකරු “ගනේමුල්ල සංජීව” ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ රැඳවුම් නියෝග මත සිටි ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” අද (09) දින කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අධිකරණයට ඉරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පහ ඔස්මන් ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (09) නියෝග කළේය.

තවද, ⁣සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

අදාළ සැකකරු දින 180කට ආසන්න කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (09) දින අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel