දින කිහිපයකට පසු අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

සිරික්හි විදුලි සංදේශ කුළුණකට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ එක්සත් ජනපද පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් යන්ත්‍රයක් ඉලක්ක කරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කරයි.

ටෙහෙරානයට එරෙහිව නව මිලිටරි ප්‍රහාර දියත් කිරීමට පසුබට නොවන බව පවසමින් පැය කිහිපයකට පසුව, ගල්ෆ් මිත්‍ර පාක්ෂිකයින්ගේ ඉල්ලීම පරිදි ඉරානයට එල්ල කරන තවත් ප්‍රහාර නතර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

දකුණු දිග ඉරානයේ හෝර්මොස්ගාන් පළාතට අයත් වරාය නගරය වෙත ප්‍රහාරයක් එල්ල වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර ඇති අතර ඔවුන් එය හඳුන්වා දී ඇත්තේ “සතුරු බලවේගයක්” විසින් එල්ල කරන ලද ආක්‍රමණයක් ලෙසිනි.

බොරතෙල් සහ බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම සමුද්‍රීය මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිරික් පිහිටා තිබීම හේතුවෙන්, මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව මෙන්ම ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළ කෙරෙහි දැඩි අවදානමක් සහ බලපෑමක් එල්ල විය හැකි බවට ආර්ථික හා යුද විශ්ලේෂකයෝ අනතුරු අඟවයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel