ගුවන් තොටුපොළ සහ වරාය සංවර්ධනය

ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය =

*බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ රු. මිලියන 15,000ක ආයෝජනයෙන් පළමු පර්යන්තයේ ධාරිතාව මිලියන 6 සිට 9 දක්වා වර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

*ප්‍රමාදවී තිබෙන දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගය ඇතිව ඉදිකිරීමේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දේශීය ගුවන් තොටුපොළ =

*චීන වරාය ගුවන් තොටුපොළ මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම විසින් 2027 වසරේ දී අවශ්‍ය ආයෝජන සිදුකරනු ලබයි.

*සීගිරිය දේශීය ගුවන්තොටුපොළෙහි මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට රු. මිලියන 100ක්.

වරාය සංවර්ධනය කිරීම =

*කොළඹ වරාය හා ඒ ආශ්‍රිත සේවාවන් සංවර්ධනය කිරීම රටේ ආර්ථිකයට ඉහළ වැදගත්කමක් ගෙන දෙනවා. 2040 වර්ෂය වන විට එහි නැව්ගත කිරීමේ සමස්ත ධාරිතාවය අඩි 20 බහාලුම් ඒකක (TEUs) මිලියන 30 ඉක්මවා ඉහළ නැංවීම,

*ශ්‍රී ලංකා වරායන් වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ, ඉන්ධන පිරවුම් (Bunkering) ධාරිතාවය පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව තරගකාරී කලාපීය ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමටත් විශාල විභවතාවයක් පවතී.

*ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහයෝගය ඇතිව, ඉදිකිරීම්-මෙහෙයුම්- පවරාදීමේ (BOT) පදනම මත කොළඹ වරාය තුළ පුද්ගලික අංශයේ දායකත්වය යටතේ මෙට්‍රික් ටොන් 50,000 ක ධාරිතාවයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.

ප්‍රති- අපනයන නැව්ගත කිරීම හා සේවා සැපැයුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ඉලක්කයයි.

*කොළඹ වරායේ, සංචාරක නෞකා සංචාර (Cruise Tourism) මගී පර්යයන්තයක් ස්ථාපිත කරනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ගාල්ල, තංගල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රකට මගී පර්යන්ත සේවා පහසුකම් නවීකරණය කිරීම සහ සංචාරකයන්ට සපයන සේවා පුළුල් කිරීමට රු. මිලියන 240 ක මූල්‍යයක් වෙන් කර සිටිනවා.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel