තත්ත්වය අවදානම්.. වහාම මුඛ ආවරණ පළදින්න

අද (19) දින යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි.

අද උදෑසන වනවිට බත්තරමුල්ලෙන් 179ක්, කිලිනොච්චියෙන් 158ක්, අනුරාධපුරයෙන් 158ක්, ත්‍රිකුණාමලෙන 151ක් සහ හලාවතින් 165ක් ලෙස ඉහළ අගයන් වාර්තා වී ඇත.

මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

අදාළ ප්‍රදේශවල ස්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින් KN 95 වර්ගයේ මුඛ ආවරණ පැලඳීම සඳහා සෞඛ්‍ය නිර්දේශයන් නිකුත් කර ඇති අතර එළිමහනේ සිටීමෙන් වළකින ලෙසද දැනුම්දී ඇත. 

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel