රාජකාරියට එහා ගිය සේවයක් කරන අපේම මිනිසුන් ඇගයීම

මාර්ග ආරක්ෂණය පිළිබදව ජාතික සභාවත් ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් එක්ව මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙලක් සංවිධානය කර ඇත.

ඒ අනුව මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

මාර්ග නීති ආරක්ෂා කිරීම පමණක් නොව, තවත් මිනිසෙකුගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජකාරියට එහා ගිය සේවයක් කරන අපේම මිනිසුන් ඇගයීම මෙම සම්මාන උළෙලේදී සිදුකරයි.

මෙම සම්මාන උළෙල පිළිබදව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (18) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel