විශ්වවිද්‍යාලවල අද (25) දිනයට නියමිත විභාග කල් දැමීමට තීරණය කර ඇති අතර අද දිනයේ දේශනද අවලංගු කර ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කරයි.
අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් සතියක් ඇතුළත වැඩ වර්ජනයක නිරත වන්නේ දෙවැනි වතාවටයි.
2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ දීමනා මෙවර අයවැයෙන් යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනයේ නිරත වෙයි.
