‘අනේ මාව ඇප මත මුදාහරින්න’ නියෝගයට දින නියම කරයි

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරනවාද.? නැද්ද.? යන නියෝගය දෙසැම්බර් මස (14) වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (25) නිවේදනය කළේය.

නාමල් රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර විසින් මෙම නියෝගය නිකුත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel