අපරාධකරුවන්ට වැඩ වරදී.. ශ්‍රී ලංකා – රුසියා නව නීතිමය එකඟතාවක්

ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ රුසියානු සමූහාණ්ඩුවේ නීතිපති Aleksander Gutsan අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ.

දෙරට අතර ඇති දීර්ඝකාලීන සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණූ කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

එම කරුණූ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සඳහාද අත්සන් කිරීම ද මෙරට නීතිපතිවරයා සහ රුසියානු නීතිපතිවරයා විසින් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් රුසියාවට පලාගොස් සැගවී, මුල්‍යමය කටයුතු සහ දේපල වැනි දෑ සගවා ගෙන සිටී නම් අපරාධයකින් උද්පාදිත දේ පිළිබඳ පනතට අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රුසියානු නීතිපතිවරයා පොරොන්දු වී ඇත.

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ලබාදෙන සහයෝගය පැසසීමට ලක්වු අතර රුසියානු සමූහාණ්ඩුවේ ඉහළ පෙලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel