හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණ ඇත.
පසුගිය 2011 වසරේ මානව හිමිකම් ක්රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වෙයි.
ඒ අනුව අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණ ඇත.
ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ සිට යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත මාර්ගගත ක්රමය ඔස්සේ සාක්ෂි ලබාදීමට නියමිතය.
