අ.පො.ස උසස් පෙළ විභාගය (2026) එළඹෙන අගෝස්තු මස (10) වනදා සිට සැප්තැම්බර් මස (05) වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබාදී ඇති අතර සියලු විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඒවා භාරගත යුතු වේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට පවතී නම්, විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම සංශෝධන සිදුකළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පෞද්ගලික අපේක්ෂකයින්ට තම ප්‍රවේශ පත්‍රවල සංශෝධන පවතී නම් ඉහත වෙබ් අඩවියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඒවා මාර්ගගතව නිවැරදි කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම ප්‍රවේශ පත්‍ර සංශෝධන කටයුතු සිදු කිරීම අගෝස්තු (03) වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන අතර එම සංශෝධන කාලය නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


