Advertisements

මත්පැන් නිෂ්පාදකයන්ගේ දැඩි විරෝධය හමුවේ සුරාබදු ගත් තීරණය

සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණයකට මෙරට මත්පැන් නිෂ්පාදකයන් සිය දැඩි විරෝධය පළකර ඇත. 

මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදුවන අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට ගත් තීරණයට එරෙහිව මත්පැන් නිෂ්පාදකයන් විරෝධය පළකර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම නිවේදනය හේතුවෙන් දැනට රජයට රුපියල් බිලියන 23ක අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් වලට නැවත වරක් බදු ගෙවීමට සිදුවන බව නිෂ්පාදකයෝ සඳහන් කරයි.

එනිසා තවදුරටත් සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇති බව එම සමාගම් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති අතර මත්පැන් නිෂ්පාදනයේදී මෙන්ම ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී මධ්‍යසාර වාෂ්ප වීමේ සිදුවීම් බහුලව වාර්තා වන බවද සඳහන් කරයි.

විශේෂයෙන්ම බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නවීන යන්ත්‍ර මඟින් සිදුකෙරෙන බෝතල් කිරීමේ ක්‍රියාවලියේදී මෙසේ මධ්‍යසාර වාෂ්ප වීම් විශාල වශයෙන් සිදුවන බවද නිෂ්පාදකයින් සඳහන් කරයි. 

Advertisements
0 Comments
Most Voted
Newest Oldest