මැද,පෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝකය පුරාම සිටින සියලුම අමෙරිකානු පිරිස් වෙත ‘දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස’ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
මේ වනවිට මැදපෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ ලෙස ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ හැකියාවක් පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මැදපෙරදිගට පරිබාහිරව පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයන් පවා ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉරානය සහ ඉරානයට සහාය පළකරන සංවිධාන විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු ආයතන, ව්‍යාපාර හෝ අමෙරිකානු ජාතිකයන් ගැවසෙන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවද සඳහන් කරයි.
දැනට මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අමෙරිකානු ජාතිකයන්ට ගුවන් ගමන් අවලංගු වීම් සහ ගමන් බාධා කිරීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද මැදපෙරදිගින් පිටත සිටින අමෙරිකානු පුරවැසියන් එම කලාපය හරහා ගමන් කිරීම හෝ සංචාරය කිරීම ගැන නැවත සලකා බලන ලෙසද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

