ලංකාවේ ජනතාව අනතුරේ.. ඇග හිරිවැටෙන අනාවරණයක්.!

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 55%ක් අවදානම් දර්ශකයේ පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් ද්‍රරිද්‍රතාව සහ මානව සංවර්ධන ඒකකය එක්ව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආපදා සහ ජීවන තත්ත්වය සැලකීමේදී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 06 දෙනෙකු දැඩි අවදානමක පසුවන බව එම නවතම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ පැතිකඩයන්ගෙන් සිදුව ඇති බලපෑම පිළිබඳව පසුගිය 2022 වසරේ නොවැම්බර් මස සිට මෙම 2023 වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදුකර ඇත.

ඒ අනුව ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් අවදානමේ පසුවන බවද එම සමීක්ෂණය තවදුරටත් අණාවරණය කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS