අවුරුදු දින 5ට මරණ 44ක්

අවුරුදු සමයේ, එනම් අප්‍රේල් මස (10) සිට (15) දක්වා කාලය තුළ දිවයින පුරා මාර්ග අනතුරු 42ක් වාර්තා වී ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අප්‍රේල් (13), (14) සහ (15) යන දිනවල පමණක් අනතුරු 19ක් වාර්තා වී ඇති අතර එම අනතුරු වලින් 19 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

එම අනතුරු විශ්ලේෂණය කිරීමේදී යතුරුපැදි අනතුරු 16ක්, ත්‍රිරෝද රථ 4ක්, වෑන් රථ 4ක්, මෝටර් රථ 2ක්, කැබ් රථ 2ක්, පාපැදි 2ක් සහ හප්පා පලායෑම් සිද්ධියක් ද ඇතුළත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments