හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (24) දින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගෙන සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කරයි.
බැසිල් රාජපක්ෂ අදහස් දක්වමින් සදහන් කළේ,
“අද තමා ආරම්භ කළේ. මුලින්ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳගෙන.. රටේ හුඟාක් තැන්වල වෙන වෙනම ඉල්ලන්නේ. අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම වීණාවෙන්. මඩකලපුව බෝට්ටුවෙන්. අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ.”
බොහෝ පිරිසක් පොදුජන පෙරමුණෙන් ඉවත් වීම සදහන් බැසිල් රාජපක්ෂ සදහන් කළේ, “එහෙම තමා.. ඉන්නවා යනවා. අයින් වෙනවා. ඇතුළු වෙනවා. එහෙම තමා දේශපාලනය. ඒක අභියෝගයක් තමා. ඒත් ඒවට අපි මුහුණදෙන්න එපැයි.”