අද (25) දින මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අනතුරින් තුවාල ලැබු පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කරයි.
අනතුරුව බරපතළ තත්ත්වයේ පසු වූ සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.
තිස්සමහාරාම සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටී පසුව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


