Advertisements

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ.. පුළුවන් නම් නඩු දාන්න

සෑම වසරකම ජූලි (01) වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධන වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලි මස (03) වන දින ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

මේ සම්බන්ධව අනෙකුත් බස් සංගම් සමග සාකච්ඡා කරන බවත් මේ මොහොතේ යම් ආකාරයකින් ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු වුවහොත් මාස 6ක් පුරාවට ගාස්තු අඩු කිරීමකින් තොරව බස් ගාස්තුව පවත්වා ගෙන යන බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ,

“ඩීසල් අඩු වුණත් අපි මාස 6ක් පුරා අපි බස් ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නෑ. මොකද කර්මාන්තයට බරපතළ අර්බුදයක් තිබෙනවා. මේ මාසයේ ජූනි (01) වැනිදා සිට ජුනි අග වෙනකන් මේ මාසේ ඇතුළත රුපියල් 25ක පාඩුවෙන් රුපියල් කෝටි 60ක පාඩුවක් වෙලා තිබෙනවා.

අපි කියන්නේ මේ සංශෝධනය හදාගන්න වෙනවා ඩීසල් මිල අඩු කළාට මාස 6ක් වෙනකන් අපි අඩු කරන්නේ නෑ. පුළුවන් නම් අපිට නඩු දාන්න අපි කියනවා. ප්‍රතිපත්තියක් විදිහට කිසි තැනක සඳහන් කරලා නෑ. ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න ඕනේ කියලා.”

Advertisements
Advertisements
3 Comments
Most Voted
Newest Oldest