Local news

ට්‍රම්ප් චීනයට අනතුරු අඟවයි

ට්‍රම්ප් චීනයට අනතුරු අඟවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට අනතුරු ඇඟවා ඇත.

චීනය විසින් ඉරානයට යුද සහයෝගය ලබාදුන හොත් ඔවුන්ට 50%ක තීරු බද්දකට මුහුණදීමට සිදුවනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

චීනය ඉරානයට ‘Shoulder Missiles’ ගුවන් යානා නාශක මිසයිලය වැනි යුද සහායන් ලබාදෙන බවට තොරතුරු වාර්තා වන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

‘MANPAD’ ලෙසින් හඳුන්වන උරහිසේ තබා එල්ල කරන ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය ඉරානයට ලබාදීමට චීනයේ සූදානමක් ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

කෙසේ නමුත් තම බුද්ධි අංශ පවා එවැනි සැලසුමක් ඇති බවට පෙන්වා දී තිබියදීත්, චීනය එසේ නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

ඉරාන ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක් 

ඉරාන ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක් 

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකාවක් ළඟාවීම යනු සටන් විරාමය උල්ලංඝනය කිරීමක් සේ සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) සඳහන් කරයි.

යුද නෞකාවක් ළඟාවී සටන් විරාමය උල්ලංඝනය කළහොත්, ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මෙම ප්‍රකාශය සිදුකර ඇත.

මෙම නීතිය බලපාන්නේ යුද නෞකා වලට පමණක් බවත්, සාමාන්‍ය නෞකා ඒ සඳහා බලනොපාන බවද ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

පාකිස්තාන යුද නෞකා දෙකක් කොළඹට

පාකිස්තාන යුද නෞකා දෙකක් කොළඹට

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට පැමිණ ඇත.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නයිමට් සයීද් ඛාන් කටයුතු කරයි.

‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නදීර් මටීන් අෆ්රිඩි කටයුතු කරයි.

ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. 

අමෙරිකානු නාවික හමුදාව යොදා හෝමූස් අවහිර කරනවා

අමෙරිකානු නාවික හමුදාව යොදා හෝමූස් අවහිර කරනවා

අමෙරිකානු නාවික හමුදාව යොදා හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටවීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් අවහිර කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉස්ලාමාබාද්හිදී ඉරානය සමඟ සෘජු සාකච්ඡා අසාර්ථක වූයේ “ඉරානය තම න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට අකමැති” නිසා බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සියලුම සුරාසැල් වසා දමයි

සියලුම සුරාසැල් වසා දමයි

සිංහල හා හින්දු අලුත් අවු­රුදු සමය හේතුවෙන් අද (12) දින රාත්‍රියේදී සිට සියලුම සුරාසැල් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව හෙට (13) සහ අනිද්දා (14) දෙදින සිය­ලුම සුරා­සල් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කිසි­යම් බල­ප­ත්‍ර­ලා­භි­යකු සුරා­බදු නීතිය කඩ කර­මින් හෙට (13) සහ අනිද්දා (14) දින මත්පැන් අලෙවි කර හසු­වුව හොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි 1913 දුරකථනය අංකයට දැනුම්දිය හැකි බවද සඳහන් කරයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ගැන පරිස්සම් වෙන්න.. පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ගැන පරිස්සම් වෙන්න.. පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

පොලීසිය විසින් රටේ ජනතාව වෙත දැනුම්දීමක් කර ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

නිවාඩු සමයේ සිදු කරනු ලබන ගමන් බිමන්වල ඡායාරූප හා වීඩියෝ එසැනින් සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් වැළැකී සිටින ලෙසද ජනතාවට දැනුම් දෙයි.

ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් තමන් නිවසේ නොසිටින බව සොරුන් දැනගන්නා බවත් එය සොරුන්ට වාසියක් වනු ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සිය අත්දැකීම් යළි නිවසට පැමිණීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදා හැරීමට කටයුතු කරන ලෙසද පොලිසිය ජනතාව⁣ට දැනුම් දෙයි.

සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි

සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි

බඩු මිල ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව බොහෝ සේ අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි

එනිසා ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළත් දරාගත නොහැකි ලෙස විදුලිබිල, ‌ඉන්ධන, ගෑස් සහ ආහාර මිල ඉහළ ගොස් ඇති බවද සඳහන් කරයි.

බඩු මිල වැඩිවීමට ලබා දෙන විසඳුම ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ තෙල්, ගෑස්, විදුලි බිල, බඩු මිල, පොහොර සහ ඖෂධ මිල අඩු කිරීම සිදුවිය යුතු බවද සඳහන් කරයි.

අද (12) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාව ජීවිතයෙන් සමුගනී

ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාව ජීවිතයෙන් සමුගනී

ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ ජීවිතයෙන් සමුගනී.

හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කළේය.

ඊයේ රාත්‍රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද (12) උදෑසන මියගොස් ඇති අතර ඇය මියයන විට 92 වියෙහි පසුවිය.

ඇයගේ අවසන් කටයුතු අද (12) සවස 4.00ට මුම්බාහි ශිවාසි උද්‍යානයේදී සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නවීකරණය කරමින් විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් (11) දින එයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සමඟ කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිදුව ඇති හානිය සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස (17) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අධිවේගයේ වේගෙන් ගියොත් වැඩ වරදී

අධිවේගයේ වේගෙන් ගියොත් වැඩ වරදී

අධිවේගී මාර්ගවල අධික වේගයෙන් හා අන්තරාදායක ලෙස රිය ධාවනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව CCTV කැමරා ඔස්සේ එම වාහන හදුනාගැනීමට කටයුතු කරන බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.