Local news

ජින්තුපිටියේ වෙඩි පත්තු වෙයි.. පුද්ගලයෙක් මරුට.!

ජින්තුපිටියේ වෙඩි පත්තු වෙයි.. පුද්ගලයෙක් මරුට.!

අද (14) දින රාත්‍රියේ කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇත.

ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කළුතර වෙඩි තැබීමක්.. අයෙක් මරුට.!

කළුතර වෙඩි තැබීමක්.. අයෙක් මරුට.!

අද (14) කළුතර – උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි මෙම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

පුංචි දියණියට මරු කැඳවු මවගේ අනියම් පෙම.!

පුංචි දියණියට මරු කැඳවු මවගේ අනියම් පෙම.!

හෝමාගම, මාගම්මන ප්‍රදේශයේදී මවගේ අනියම් සැමියා විසින් සිදු කළ පහරදීමකින් වයස අවුරුදු 03ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එම සැකකරු විසින් තමාට ‘පියා’ ලෙස ආමන්ත්‍රණය කරන්නැයි එම දැරියට බලකර ඇති අතර මීට පෙර අවස්ථාවන් වලදී ද දියණියට පහරදීම් සිදු කර ඇත.

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර දියණියගේ මව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ශ්‍රී ලංකාවට.!

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ශ්‍රී ලංකාවට.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය.

ඒ අනුව IMF කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන (16) දින මෙරටට පැමිණෙන අතර ඇය එළැඹෙන (18) බඳාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමටද නියමිතය. 

ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට IMF දායක විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් වසර 14කට පසු හදිසි රැස්වීමක්.!

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් වසර 14කට පසු හදිසි රැස්වීමක්.!

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) දින කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කරයි.

සභාපති නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කළේ,

“මේ රැස්වීම අපි කැඳවන්නේ 2012න් පස්සේ. අවසන්වරට මෙවැනි රැස්වීමක් කැඳවූයේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඒ දෝෂාභියෝග ප්‍රශ්නයට. ඉන් පසු අවුරුදු 14 කට පස්සේ අපි මේ රැස්වීම කැඳවන්නේ.”

නීතිඥවරයා සහ බිරිද ඝාතනය කරන්දෙණිය සුද්දාගේ වැඩක්.!

නීතිඥවරයා සහ බිරිද ඝාතනය කරන්දෙණිය සුද්දාගේ වැඩක්.!

ඊයේ දිනයේ බත්තරමුල්ල – අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළදසැලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ නීතිඥ බිරිද වෙඩිතබා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

අදාළ නීතිඥවරයා මීට පෙර කරන්දෙණිය සුද්දාගේ නඩුවලට පෙනී සිට ඇති අතර පසුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නැමැත්තාට කරන්දෙනිය සුද්දාගේ නඩු කටයුතුවල තොරතුරු ලබාදුන් බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී හෙලිව තිබේ.

ඊයේ අදාළ නීතිඥවරයා ලොකුපැටී නැමැත්තාගේ නඩුවලට කඩුවෙල උසාවියේදී පෙනී සිට ඇති අතර පසුව ඔහු සිය බිරිද සමඟ යළි පැමිණෙන අතරතුර අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්නයේ පිහිටි සුපිරි වෙළද සැලක රථ ගාලක් අසළදී තවත් මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

ඔවුන් ඒ සදහා ටී – 56 ගිනි අවියක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවටයි අනාවරණය වී ඇත.

ඒ අසළ තිබූ සී.සී.ටී.වී දර්ශනවලද ඔවුන් වෙඩිතබා පළා යන ආකාරයද දක්නට ලැබිණි.

එමෙන්ම, වෙඩිතැබීම සදහා පැමිණි මෝටර් රථයේ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුලු 04 දෙනෙකු ද සිට ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා බුද්ධික මල්ලවආරච්චි නැමැති නීතිඥවරයා බවට හදුනාගෙන ඇති අතර, ඔහු මීට පෙර සංවිධානාත්මක අපරාධ නඩු ගණනාවක් සදහා පෙනී සිට තිබේ.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලු පොලිස් කණ්ඩායම් 10 ක් මේ වන විට යොදවා තිබෙනවා.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබුණා.

ආරවුල දුර දිග ගොස් සැමියා බිරිඳ ගිනි තබා මරලා.!

ආරවුල දුර දිග ගොස් සැමියා බිරිඳ ගිනි තබා මරලා.!

ඊයේ (13) දිනයේ පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක්වූ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය බව පොලීසිය පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදි අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පාසල් සිසුන්ට ලබාදෙන තිළිණපත් ගැන දැනුම්දීමක්.!

පාසල් සිසුන්ට ලබාදෙන තිළිණපත් ගැන දැනුම්දීමක්.!

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රුපියල් 3000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව එම තිළිණපත් වල වලංගු කාලය හෙට (15) දිනෙන් අවසන් වීමට තිබුණද එහි වලංගු කාලය පෙබරවාරි (28) දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

තීරණාත්මක සටනට ඉන්දීය කණ්ඩායම මෙරටට.!

තීරණාත්මක සටනට ඉන්දීය කණ්ඩායම මෙරටට.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයට සහභාගීවීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණියේය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග 41ක් දෙනෙකු හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 12 දෙනෙකු ගුවන් මගින් මෙරටට පැමිණියේය.

ලෝකයේ වැඩිම අවධානය දිනාගත් මෙම තරගය හෙට (15) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නීතීඥවරයා සහ බිරිඳගේ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 10ක්.!

නීතීඥවරයා සහ බිරිඳගේ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 10ක්.!

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කළේය.

බුද්ධික මල්ලවාරච්චි නැමැති නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ අතර ඝාතනය වූ නීතිඥයා, කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතු වලට පෙනී සිටි නීතිඥවරයා බවට අනාවරණය වී ඇත.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර මෝටර් රථයට වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර ඇත.

ඒ අනුව නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇත.