Local news

2022 වසරේ රුපියල් 5000 මුදල් නෝට්ටු ගහලා බෙදපු හැටි ජනපති කියයි

2022 වසරේ රුපියල් 5000 මුදල් නෝට්ටු ගහලා බෙදපු හැටි ජනපති කියයි

පසුගිය 2022 වසරේ පැවති අර්බුදයේදී රුපියල් 5000 මුදල් නෝට්ටු ගහලා බෙදුව බවත් ඒ හේතුවෙන් උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“මේ අර්බුදය මේ ආකාරයටම මතු වුණා 2022 දී. පන්දහසේ කොළ ගහලා බෙදුවා. ඉන්පසු උද්ධමනය 70%ට ගියා. මුදල් විශාල ප්‍රමාණයක් මාර්කට් එකට සංසරණයට එවන්න පටන් ගත්තා. බෙදන්න පුළුවන් වුණත් අනිත් පැත්ත බලන්න.

පොලී අනුපාතය 33%ට ගියා. ඕ.ඩී එක 38%ට ගියා. බැඳුම්කර පොලිය 30% ඉක්මවා ගියා. ඒවා ඉතා අක්‍රමවත්. අපි උද්ධමනය, බැංකු පොලී අනුපාතය, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව, භාණ්ඩාගාරයට දරා ගත හැකි ප්‍රමාණය ආදි සියල්ල බලමින් තමයි‌ මේ විධිමත් ක්‍රමය හදා තිබෙන්නේ.

ඔබට මතක ඇති දිට්වා විනාශයට අතිරේක වශයෙන් අපි කෝටි 50,000ක් මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවුවා. ඒක තමයි ආණ්ඩු කියන්නේ. ඒ වගේම මේ ව්‍යසනය හමුවේ මා ඉදිරිපත් කළ සහන පැකේජයට අදාළ යෝජනා තුළ රුපියල් බිලියන 100ක් තිබෙනවා.

මා හිතන්නේ මේ වෙලාවේ අපි ජනතාවට සහනයක් දිය යුතුයි. ජනතාව බලා ගත යුතුයි. ඒ වෙනුවෙන් අපිට දරා ගත හැකි පරිදි බිලියන 100ක වැය ශීර්ෂයක් මාස තුනකට අපි ඉදිරිපත් කර තිබෙනවා.

හැබැයි මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙනවා නම් නැවත අපි ඔබ ඉදිරියට පැමිණ යෝජනා ඉදිරිපත් කරන්නම්. එදාට එය සම්මත කර දෙන්න. බැංකු පොලී අනුපාත 10%ට වඩා යටින් පවත්වාගෙන යන්නත්, උද්දමනය 5% වඩා පහළින් පවත්වාගෙන යන්නත් අපි උත්සාහ කරනවා.

ඩොලරයේ වටිනාකම ඉහළ ගියොත් ඒක අපිට නැවත බලපෑමක් ඇති කරනවා. මේ තිබෙන තත්ත්වය අනුරූපවයි අපි සහන ලබාදී තිබෙන්නේ. මැයි මාසයේ අග දක්වා අඛණ්ඩ බලශක්ති සැපයුම සහ අඛණ්ඩ ඉන්ධන සැපයුම අපි සහතික කරනවා.”

අමෙරිකානු ගුවන් යානා 9ක් විනාශ කරයි

අමෙරිකානු ගුවන් යානා 9ක් විනාශ කරයි

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තුළ මේ වනවිට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා 9ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාර්තු (02) වෙනිදා කුවේට් රාජ්‍යයට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු F-15E යානා තුනක් අත්වැරදීමකින් එල්ල වූ මිත්‍ර පාර්ශවීය ප්‍රහාරයකින් කඩා වැටී ඇත.

මාර්තු (12) වෙනිදා බටහිර ඉරාකයේදී KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානයක් කඩා වැටී විනාශ විය.

පසුගිය මාර්තු (29) වනදා සවුදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් E-3 Sentry වර්ගයේ විධාන සහ පාලන යානයක් විනාශ වී ඇත.

ඉරානයේ දුරස්ථ කඳවුරක සිරවී සිටි F-15E යානයක කාර්ය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුමකට ගිය ප්‍රවාහන යානා දෙකක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන්ගත වීමට නොහැකි වීම ⁣මත එම යානා සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා අමෙරිකානු හමුදාව විසින්ම පසුගිය (05) වනදා ඒවා විනාශ කර ඇත.

මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානයක් පසුගිය (03) වනදා වෙඩි තබා බිම හෙළා ඇති අතර එදිනම පර්සියානු ගල්ෆ් කලාපයේදී A-10 Warthog යානයක් අනතුරට පත්ව ඇත.

අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා විදුලිය

අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා විදුලිය

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරාම පැවැත්වෙන අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

විදුලි බල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර මේ සඳහා විදුලිය ලබාගැනීමේ පහසුකම මේ වනවිට සලසා දී ඇති බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

එළඹෙන (15) වැනිදා සිට (19) වැනිදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබාගත හැකි බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ,

“විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. අවුරුදු සමයේ ඒ උත්සව සඳහා විදුලිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.

ඒ නිසා (15) වැනිදා සිට (19) දක්වා අවුරුදු උත්සය සඳහා විදුලිබල මණ්ඩලයෙන් අවශ්‍ය නම් ගෙවීම් කරලා විදුලිය ලබා ගන්න පහසුකම් ලබා දෙනවා.”

වසර 60කට පසුව අලුත් වූ පිටකොටුව බස් නැවතුම්පොළේ මෙහෙයුම් අරඹයි

වසර 60කට පසුව අලුත් වූ පිටකොටුව බස් නැවතුම්පොළේ මෙහෙයුම් අරඹයි

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට (08) දින ආරම්භ වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

වසර 60කට පසුව Clean SriLanka වැඩසටහන යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු පසුගිය සැප්තැම්බර් (15) වැනිදා ආරම්භ කළේය.

ඉරාන ජනතාවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

ඉරාන ජනතාවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් අද (07) දිනයේදී දුම්රිය භාවිතා නොකරන ලෙසට ඉරාන වැසියන්ට අනතුරු අඟවා ඇත.

ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇති පසුබිමක ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

“ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාන වේලාවෙන් රාත්‍රී 09:00 වන තෙක් දුම්රිය භාවිතා කිරීමෙන් වැළකී සිටින්න. දුම්රිය තුළ හෝ දුම්රිය මාර්ග අසල රැඳී සිටීම ඔබේ ජීවිතයට අනතුරක් විය හැකියි.”

හිටපු සභාපති සහ අධ්‍යක්ෂ අත්අඩංගුවට

හිටපු සභාපති සහ අධ්‍යක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවාගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2021 වර්ෂයේදී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසාදීම තුළින් දුෂණය නමැති වරද සිදුකිරීම යන චෝදනාව මත සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනතාවට රජයෙන් ලැබෙන සම්පූර්ණ සහන පැකේජය මෙන්න

ජනතාවට රජයෙන් ලැබෙන සම්පූර්ණ සහන පැකේජය මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) දින පාර්ලිමේන්තුවේදී රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කළේය.

ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

අස්වැසුම සහනාධාරය =

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීම.

රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබාදීම.
රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබාදීම.
රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබාදීම.

විදුලි සහනාධාරය =

ඒකක 90ට අඩු අයට සහන දීම සඳහා රුපියල් බිලියන 15ක් වෙන්කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබාදීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.

පොහොර සහනාධාරය =

හෙක්ටයාරයකට රුපියල් 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30,000ක් දක්වා ඉහළ නංවීමට කටයුතු කර ඇත.

අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 18,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

ගොවීන්ට, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදෙනු ලබනවා.

ධීවර සහනාධාරය =

එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50 බැගින් වූ සහනාධාරයක් මාස 03ක් සඳහා ලබාදීම.

ඉදිරි මාස 03 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150,000ක් එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇත.

තේ වතු හිමියන්ට සහන =

කුඩා තේ වතු හිමියන් දිරිමත් කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් 4,000ක දීමනාවට අමතරව, එක් වරකට පමණක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

මෙම සමස්ත සහන පැකේජය වෙනුවෙන් රජය රුපියල් මිලියන 6,500ක අතිරේක මුදලක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රජයෙන් ලබාදෙන දීමනාව තවත් වැඩි කරයි

රජයෙන් ලබාදෙන දීමනාව තවත් වැඩි කරයි

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබාදීම.

රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබාදීම.

රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබාදීම.

ඒ අනුව රුපියල් 17,500ක අස්වැසුම් මුදල රුපියල් 7,500කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 25,000කි.

රුපියල් 10,000ක අස්වැසුම් මුදල රුපියල් 5,000කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 15,000කි.

රුපියල් 5,000ක අස්වැසුම් මුදල රුපියල් 2,500කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 7,500කි.

පෙට්‍රල් සහ ඩීසල් සඳහා රජයෙන් සහනාධාරයක්

පෙට්‍රල් සහ ඩීසල් සඳහා රජයෙන් සහනාධාරයක්

යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන සහනාධාර වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මසකට රුපියල් කෝටි 2000 බැගින් වැය කිරීමට සැලසුම් කර ඇති බවත් ඉදිරි මාස තුනක කාලය සඳහා රජය රුපියල් කෝටි 6000ක මුදලක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් සහ සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා අද (07) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

එළැඹෙන මැයි (01) වනදා හෝ ඊට ආසන්න දිනකදී සිදුවන ඉන්ධන මිල ගැලපුමේදී පෙර මාසයේ පිරිවැය දත්ත මත පදනම්ව මෙම සහනාධාරය ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

වෙළඳපොළ පිරිවැය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600 සීමාව ඉක්මවා යා හැකි වුවද, රජය මැදිහත් වී පිරිවැයෙන් රුපියල් 100ක් දැරීම හරහා ජනතාවට සහනයක් සැලසීමට තීරණය කර ඇති බවද සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“එළැඹෙන මැයි මාසයේ (01) වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න.

පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රුපියල් කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”